69 වන ජාතික නිදහස අභිමානයෙන් සමරන මෙම මොහොතේ වර්තමානයේ අප භුක්ති විඳිනා නිදහස් නිවහල් සුවය යථාර්ථයක් බවට පත්කර ගැනීම උදෙසා අප ආ දුෂ්කර ගමන් මග දෙස අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතන්නෙමු. ඉතිහාසඥයින්ගේ මතය අනුව අපගේ මාතෘභූමිය විදේශ ආක්‍රමණ 16 කට පමණ මුහුණ දී ඇත.
මෙම දීර්ඝ ඉතිහාසය තුල මාතෘභූමියේ ස්වෛරීත්වය හා නිවහල්භාවය රැක ගැනීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල දේශාභිමානී සියලු විරුවන් ගෞරයෙන් හා අභිමානයෙන් යුක්තව සිහිපත් කිරීම නිදහස් සැමරුමේ වැදගත්ම කාර්යය ලෙස සලකා කටයුතු කිරීම අප සැමගේ වගකීමයි.
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.