Unknown Unknown Author
Title: දවස් අනූවකින් අඩි 68ක් දිග පාලම හදලා ඉවර කරන්න දිල්කි,සඳුනි සහ නිලක්ෂි ඇතුලු කෙල්ලො ටික සමත් වෙනවා.
Author: Unknown
Rating 5 of 5 Des:
නෙලුවේ දිල්කි කියන්නෙ සාමාන්‍ය ගැහැනු ළමයෙක්.දවසක් දිලිකිගේ තාත්තා, ගමේ ඔය හරහා පුවක් කොට දාලා යන්තමින් සාදා තිබුණු පුවක් කොට පාලමින් ඔයට ව...
නෙලුවේ දිල්කි කියන්නෙ සාමාන්‍ය ගැහැනු ළමයෙක්.දවසක් දිලිකිගේ තාත්තා, ගමේ ඔය හරහා පුවක් කොට දාලා යන්තමින් සාදා තිබුණු පුවක් කොට පාලමින් ඔයට වැටිලා මිය යනවා.මේ වගේ මරණ තවත් මතුවට නොවෙන්න දෙන්න දිල්කි දැඩිව අධිෂ්ඨානය කරගන්නවා.
තමන්ගේ ගමට අවශ්‍ය දෙයක් සාදා ගැනීමට යෞවන සමාජයකට රු.75000 ක් දෙනව කියල ආරංචි වුන ගමන් දිල්කි එයාගේ ලඟම යාලුවන් වුන සඳුනි සහ නිලුක්ෂි එක්ක එකතු වෙලා රිදී තරු යෞවන සමාජය පිහි‍ටුවා ගන්නේ තමන්ගේ ගමේ ඔය හරහා පාලමක් සාදා ගැනීමට.
නමුත් පාලම හදන්න ලක්ෂ 30 ක් විතර යනවා කියලා හරියටම දැනගත්ත ගමන් සඳුනී අතුලු කෙල්ලො ටික පාරට බැහලා ටිකට් ගහලා විකුණන්න පටන් ගන්නවා.ගමේ හැම ගෙදරටම ගිහිල්ල පුලුවන් මුදලක් ලබාගන්න දිල්කි ඇතුලු කෙල්ලෝ ටික කටයුතු කරනවා.නමුත් හැම හොඳ වැඩකටම වගේ මේකටත් එක එක බාධක එනවා.එවා ඔක්කොම විඳ දරාගෙන දවස් අනූවකින් අඩි 68ක් දිග පාලම හදලා ඉවර කරන්න දිල්කි,සඳුනි සහ නිලක්ෂි ඇතුලු කෙල්ලො ටික සමත් වෙනවා.
එක පැත්තකින් අපේ සන්ඟලා,මයියලා පිළිකා රෝහලක් හදන්න පාගමනින් ගිහිල්ලා මුදල් හොයනකොට,මේ පත්තෙන් අපේ යෞවන සමාජ වල කොල්ලෝ,කෙල්ලෝ එකතු වෙලා තමනගේ ගමට අවශ්‍ය කරන පාරවල්,පාලම් හදනවා.අපි නම් කියන්නේ මේ ක්‍රියාවන් දෙකටම එක වගේ වටිනාකමක් තියෙනවා කියලා.










































About Author

Advertisement

Post a Comment

 
Top